2025 පළාත් පාලන මැතිවරණය හෝමාගම ප්‍රාදේශීය සබාව
හෝමාගම නගර කොට්ඨාශය 08

ඔබගේ වැඩිම මනාපයෙන් හෝමාගමට සමගි ජන බලවේගයෙන්

බන්දුල විතානගේ පත්කරගනිමු

ගරු ස්වාමීන් වහන්ස, මහත්මයාණනි, මහත්මියනි

2025 මයි මස පැවැත්වෙන පළාත් පාලන ආයතනයේ මැතිවරණයේ හෝමාගම ප්‍රාදේශීය සබාවේ හෝමාගම නගරය, ගලවිලවත්ත උතුර සහ දකුණ පිටිපන සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයා ලෙස මා තොරා පත්කර ඇති බව සතුටින් දන්වා සිටිමි

සමගි ජන බලවේගයේ හෝමාගම ප්‍රධාන සංවිධායක නීතිඥ එරංග වැලිඅංග මැතිතුමාගේ ආරාධනයෙන් සහ පසුගිය මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් උන ව්‍යාපාරික සාම විනිසුරු පුෂ්ප චන්ද්‍ර අකරවිට මැතිතුමාගේ ආශීර්වාදයෙන් කොට්ඨාශයේ නියෝජිතයින්ගේ කැමැත්ත අනුව හෝමාගම කොට්ඨාශය ජයග්‍රහණය කරවීමට ඔබ සැම මා කෙරෙහි තැබූ දැඩි විශ්වාසය මත මම මෙම ඉදිරිපත් වෙමි

මෙම මැතිවරණය පැරණි ක්‍රමයට ගම් සභා සභිකයා නැතහොත් ගමේ සංවර්ධනයට වගකියන සාමාජිකයා තෝරන මැතිවරණයයි.

මෙමෙ මැතිවරණයේදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ පක්ෂ, පාට, ජාති, ආගම් නොව ගමට, නගරයට, තම කොට්ඨාශයට වැඩක් කල සහ වැඩක් කල හැකි පළපුරුදු, ජනතාවගේ දුක සැප බෙදාගන්නා, ජනතාව සමග එකට ජිවත් වෙන, බොරුවෙන් වංචා දුෂණයෙන් තොර, මහපොලවේ පයගසා යා හැකි ජනතාවට ඇහුම්කම් දෙන නිහතමානී පුද්ගලයෙකුට පමණි

මෙමෙ ප්‍රදේශයේ කීර්තිමත් ගොවියෙකු වන අභාවප්‍රාප්ත ගලගේදරගේ ජේම්ස් පෙරේරා ගේ පුතෙකු වන මා දීර්ග කාලයක් සිටම හෝමාගම, මාකුබුර, ගලවිලවත්ත, නියදගල ප්‍රදේශවල සමාජ සේවා කටයුතු කර ඇත

මා බලාපොරොත්තු වන්නේ ම හට ලැබෙන වැටුප හෝ වෙනත් ප්‍රතිලාබ නොව මාගේ කැපවීමෙන් හෝමාගම කොට්ඨාශයේ ජනතාවට සබාවෙන් සහ රජයෙන් ලබාගත හැකි සියලු වරප්‍රසාද ලබාදීමට මුල්තැන ගෙන කටයුතු කිරීමටයි.

ඔබ දිනවීම මගේ අරමුනයි

ඔබේ අවංක සේවක
බන්දුල විතානගේ
0777714720